FAST NEWS

24×7 Around the Globe

ආසියානු කුසලාන විස්සයි – 20 තරගාවලියේ සත්තාකාරකත්වය පාකිස්ථානයට

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – 2020 වසරේදී පැවැත්වීමට නියමිත ආසියානු කුසලාන විස්සයි – 20 තරගාවලියේ සත්කාරකත්වය පාකිස්තානයට ලබා දීමට සිංගප්පූරුවේ පැවැති ආසියානු ක්‍රිකට් කවුන්සිල රැස්වීමේදී තීරණය වි ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

කෙසේ වෙතත් තරගාවලිය පැවැත්වෙන්නේ කුමන නගරයකදීද යන්න පිළිබඳව තවමත් තීරණයක් ගෙන නොමැති බවත් තරගාවලිය පැවැත්වෙන නගරය නොබේ දිනකින්ම නම් කිරිමට පාකිස්තානය සැලසුම් කර ඇති බවත් පැවසේ.

තරගාවලිය 2020 වසරේ සැප්තැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත ඇත.