(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඇමරිකාවේ ඔහායෝ ඇතුළු ප්‍රාන්ත 08 කට ටොනාඩෝ තත්ත්වයක් ඇතිවී තිබෙන බව විදෙස් මාධ්‍ය සදහන් කරයි.
ඊයේ ඇති වූ මෙම ටොනාඩෝ තත්ත්වය හේතුවෙන් දේපළ හානි රැසක් සිදුව ඇති අතර, එක් පුද්ගලයෙකු මිය ගොස් ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ප්‍රාන්ත 08 කට ඇතිවූ මෙම ටොනාඩෝ තත්ත්වයෙන් 80,000 කට වැඩි පිරිසක් පීඩාවට පත්ව තිබෙනවා.
මේ හේතුවෙන් එම ප්‍රාන්තවල විදුලිය බිද වැටීම් සහ මාර්ග අවහිරතා සිදුව ඇති බවයි වාර්තා වන්නේ.









