FAST NEWS

24×7 Around the Globe

ඔස්ට්‍රේලියා පරාජයට හේතුව හා නවසීලන්ත සැලසුම මෙන්ඩිස් කියයි

 

(ෆාස්ට් ගොසිප් – කොළඹ) – 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී නවසීලන්තයට එරෙහිව ජුනි 01 වැනිදා පැවැත්වෙන පළමු තරගයේදී ජයග්‍රාහී රිද්මයට පැමිණෙන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ඇති බව කුසල් මෙන්ඩිස් මාධ්‍ය වෙත සඳහන් කර තිබේ.

එසේම පසුගියදා ඔස්ට්‍රේලියාව සමග පැවති පුහුණු තරගයේදි ලකුණු 300 සීමාව ඉක්මවා යෑමට කණ්ඩායම අවකාශයක් පැවති බවද හෙතෙම මෙහිදි පවසා තිබේ.

“අපි හොඳින් පිතිකරණයේ නිරත වුණේ නැහැ. එම තණතීරුවේ ලකුණු 300 සීමාව ඉක්මවා යන්න අපට අවස්ථාව තිබුණත් ඉනිමේ මැද පන්දුවාරවලදී අපට දැඩි පීඩනයක් එල්ලවුණා. මේ නිසා කණ්ඩායමක් වශයෙන් අපට තිබුණු සැලැස්ම බිඳවැටුණා. අපි අපේ උපරිමයෙන් ක්‍රීඩා කළත් අපට අවශ්‍ය ලකුණු ප්‍රමාණයට ළඟා වෙන්න බැරිවුණා”

“අපිට විශ්වාසයි මේ තත්ත්වයෙන් මිදෙන්න පුළුවන් කියලා. ඇන්ජිලෝ මැතිව්ස් සහ ලසිත් මාලිංග කණ්ඩායමට එක්වෙද්දි සෑම අයෙක්ම පිතිකරණයෙන් හා පන්දු යැවීමෙන් තම උපරිමය ලබාදේවි”