FAST NEWS

24×7 Around the Globe

තමා ස්ටොනීට දුන්දේ මාලිංග මාධ්‍ය හමුවේ හෙළි කරයි (වීඩියෝ)

 

(ෆාස්ට් ගොසිප් – කොළඹ) – ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පැවති පුහුණූ තරගයෙන් අනතුරුව ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ඕස්ට්‍රේලියා තුන් ඉරියව් ක්‍රීඩක මාර්ක්ස් ස්ටොනීට යමක් පුහුණු කරන අකාරයේ වීඩියොවක් අයි.සී.සී ලෝක කුසලාන නිල ටිව්ටර් ගිණූමට එක් කර තිබුණි.

තරගයෙන් අනතුරුව ලසිත් මාලිංග මාධ්‍ය වෙත සඳහන් කර තිබුණේ තමා ස්ටෝනීට මන්දගාමී පුල්ටොස් පන්දුව යවන අකාරය පිළිබඳව යම් අවබෝධයක් ලබා දුන් බවය.

තමා එවැනි උපදෙස් ක්‍රීඩකයින්ට ලබා දිය යුතු බවත් එවිට එය ක්‍රීඩාව තුලින් ඉදිරියට ගමන් කරන බවත්ය.

එසේම ක්‍රිකට් යනු පිතිකරුවන්ගේ ක්‍රීඩාවක් වුවද පන්දු යවන්නන්ට ක්‍රීඩාව වෙනස් කළ හැකි බවද ලසිත් මාලිංග මාධ්‍ය වැඩි දුරටත් සඳහන් කර තිබේ.