FAST NEWS

24×7 Around the Globe

පරාජයට හේතුව ගැන හා මාලිංගගේ විවේකය ගැන දිමුත් කට අරියි

 

(ෆාස්ට් ගොසිප් – කොළඹ) – පළමු පන්දුවාර 10 තුළදී එක් කඩුල්ලක් පමණක් දැවී යෑම ධනාත්මක ආරම්භයක් බව ඔස්ට්‍රේලියාව සමග ඊයේ (27) පැවති ලෝක කුසලාන පුහුණු තරගයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමීන් ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න පවසා තිබේ.

ඉන් පසුව කඩුලු බිඳ වැටිමත් හොඳ සම්බන්ධතාවන් ගොඩ නැගිමට නොහැකි වු බවත් හෙතෙම කියා ඇත.

සීතල කාළගුණයක් පැවතියද ඊට අනුවර්තනය විමට ක්‍රීඩකයින් කටයුතු කළ යුතු බවත් හෙතෙම පෙන්වා දී තිබේ.

එසේම ලසිත් මාලිංග පුහුණූ තරගයෙන් විවේක ගැන්විමට කටයුතු කළේ ලෝක කුසලාන තරගාවලියේ මුහුණ දීමට ඇති තරග 09 සඳහා ඔහු අරක්ෂා කර ගැනිමටත් බව හෙතෙම වැඩි දුරටත් සඳහන් කර ඇත.