FAST NEWS

24×7 Around the Globe

වී වගාවේ සිදුවන දළඹු හානි සම්බන්ධයෙන් දැනුවත් කිරීමක්

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – වී වගාවේ දරුණු ලෙස දළඹු හානි සිදුවන්නේ නම් කඩිනමින් ප්‍රදේශයේ කෘෂිකර්ම නිලධාරීන්ගෙන් උපදෙස් ලබා ගන්නා ලෙස ජාතික කෘෂිකර්ම තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානය ඉල්ලා සිටී.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ හක්වටුනාව හා ගල්ටැන්වැව යන කෘෂිකර්ම බලප්‍රදේශ තුළ වී වගාවට දරුණු ලෙස හානි කරන දළඹු විශේෂයක් හඳුනා ගෙන ඇති අතර , පවතින තත්ත්වය පාලනය කිරීම සඳහා වටරුකෝ 40WG හෝ එම්මොක්ටින් බෙන්සෝව්ට් හෝ ට්‍රෙබෝන් 10EC, කොරුජන් 20SC යන කෘෂි රසායන යෙදිය හැකි බවද එම මධ්‍යස්ථානයේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්‍ෂ සනත් එම්. බණ්ඩාර මහතා සඳහන් කළේය.

මිතිමනා සෙපරාටා නමැති සලබයාගේ කීටයන් බවට මෙම දළඹු විශේෂය අනුමාන කරන බවත්, ඇතැම් ගොවීන් මෙම සතුන් ගොඩවෙල්ලා ලෙස හැඳින්වුවද, එය නිවැරදි නොවන බවත් ඔහු කියා සිටියේය.