(ෆාස්ට් ගොසිප් – කොළඹ) – ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන තමන් සම්බන්ධයෙන් පල කළැයි කියන ඇතැම් කරුණු ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකා හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් සඳහන් කරයි.
ඇන්ජලෝ මැතිව්ස් ක්‍රිකට් දේශපාලනයේ ගොදුරක් බවට පත්වූ බවට මහේල පලකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මැතිව්ස් සිය නිල ටිව්ටර් ගිණූමෙහි පණිවිඩයක් තබමීන් මෙ බව සඳහන් කර තිබේ.
” හැම කෙනෙකුටම තමන්ගේ මතයක් තිබෙනවා. එය මහේලටත් තිබෙනවා. ඔහුගේ ඇතැම් ප්‍රකාශ ගැන මම පුදුම වෙනවා. ඒවා මම ප්‍රතික්ෂේප කරනවා. මගේ දැන් මූලික අවධානම ලෝක කුසලානයයි. මම මහේලට කියනවා ඔහුගේ දැනුමෙන් අපට උදව් කරන්න. මේ අවස්ථාවේදි එය අපිට ලොකු දෙයක් වේවි”
Thanks for the concern guys everyone has their opinion and mj has his too.suprised to see some of his comments while denying them my top priority now is the World Cup and I urge mj to help us with his knowledge and encouragement in this crucial time wich will mean alot Thankyou????
— Angelo Mathews (@Angelo69Mathews) May 26, 2019









