(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ගෙවී ගිය සතිය තුළ එවරස්ට් කඳු තරණයට ගොස් සිදුවූ විවිධ අනතුරුවලින් පුද්ගලයින් 10 දෙනෙකු මරණයට පත්ව ඇති බව නේපාල බලධාරීහු අවධාරණය කරයි.
පසුගිය වසරට සාපේක්ෂව එහි ඉහළ යාමක් පෙන්නුම් කෙරෙන බවත් ඔවුන් පවසයි.
එවරස්ට් තරණය සඳහා ඇමරිකානු ඩොලර් එකොලොස් දහසක් වටිනා බලපත්‍රයක් ලබාගත යුතු අතර කඳු නගින්නන් සීමා කිරීම මෙම බලපත්‍ර ක්‍රමයෙහි එක් අරමුණක් වේ.
නමුත් මේ ආකාරයට බලපත්‍රයක් ලබාගත්ත ද කඳු මුඳුණට ආසන්නව තදබදයක් පවතින බව ද වාර්තා වේ.
පසුගිය වසරේ වසන්ත සමයේ එවරස්ට් තරණයේදී මරණයට පත්ව ඇති ගණන 05 ක් බවත් නේපාල බලධාරීහු ප්‍රකාශ කරයි.









