FAST NEWS

24×7 Around the Globe

යුරෝපා පාර්ලිමේන්තු මැතිවරණය අවසන්

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – යුරෝපා පාර්ලිමේන්තුවේ සාමාජිකයන් 751 දෙනා තෝරාපත් පත්කර ගැනීම සඳහා පැවැත්වූ මැතිවරණය මේ වනවිට අවසන්ව ඇති අතර මෙහිදි ජන්ද දායකයන් 51% ක ප්‍රතිශතයක් ජන්දය භාවිත කර ඇති බව වාර්තා වේ.

යුරෝපා රටවල් 28 ක යුරෝපා ජාතිකයන් මිලියන 400 කට අධික පිරිසක් ,දින හතරක කාලයක් පුරා පැවති මෙම ජන්දයට සුදුසුකම් ලබා සිටියේ ය.

මෙම මැතිවරණ යුරෝපා සංගමයට පක්ෂපාතී වටිනාකම් සහ ඊට අභියෝගකරන පාර්ශව අතර සටනක් ලෙස හැඳින්විය හැකි බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

කෙසේ වෙතත් මැතිවරණ මත විමසුම්වලට අනුව තවමත් යුරෝපා සංගමයට පක්ෂපාතී පක්ෂ පෙරමුණේ පසුවේ.

යුරෝපා පාර්ලිමේන්තුව මගින් යුරෝපා කොමිසමේ මීළඟ සභාපතිවරයා තෝරාගන්නා අතර යුරෝපා කවුන්සිලය සමඟ එක්ව යුරෝපා සංගමයේ වාර්ෂික අයවැය ලේඛනය පිළිබඳ තීරණය කිරීමේ වගකීම ද එය සතු වනු ඇත.

බ්‍රිතාන්‍යයේ බ්‍රෙක්සිට් පක්ෂය, කොන්සර්වටිව් සහ කම්කරු පක්ෂ ඉක්මවා පෙරමුණේ පසුවනු ඇති බවද පැවසේ.