FAST NEWS

24×7 Around the Globe

මාලිංග අද (27) තරගයටත් නැති හේතුව දිමුත් හෙළි කරයි

 

(ෆාස්ට් ගොසිප් – කොළඹ) – ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග 2019 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට අදාළව ඔස්ට්‍රේලියා කණ්ඩායම සමග අද (27) පැවැත්වෙන පුහුණු එක්දින තරගයට සහභාගි නොවනු ඇති බව නායක දිමුත් කරුණාරත්න මාධ්‍ය වෙත සඳහන් කර තිබේ.

සිය බිරිඳගේ මවගේ අසනීප තත්වය හේතුවෙන් කණ්ඩායමට එක්විමට පමාවන මාලිංග ඉදිරියේදි කණ්ඩායමට එක් වු විට පන්දු යැවිමේ බල ඇණිය ශක්තිමත් වනු ඇති බව හෙතෙම පවසා තිබේ.

”අපිට ලසිත් මාලිංග කණ්ඩායමට එක්වුනාම අපිට ශක්තිමත් පන්දු බලඇණියක් ඉන්නවා. ඔහුගේ බිරිගේ මවගේ අසනීප තත්ත්වය හේතුවෙන් ඔහු කණ්ඩායමට එකතු වෙන්න පමා වෙනවා. තරගයක අවසන් පන්දුවාර ඉතාමත් හොඳින් යවන්න ලසිත්ට හැකියාව තියනවා. අපි ජීවන් මෙන්ඩිස්ට හා ජෙෆ්රි වැන්ඩර්සේට අවස්ථාව දුන්නා දකුණත් පිතිකරුවන්ට පන්දු යවන්න. ඒක ලේසි දෙයක් නෙමෙයි. අපිට අවසන් පන්දුවාර ගැන හිතන්න වෙනවා. අපිට වෙනස් දෙයක් කරන්න වෙනවා ඉදිරියට යන්න”