FAST NEWS

24×7 Around the Globe

දෛනික ලොතරැයි අලෙවිය පහළට

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – දෛනික ලොතරැයි අලෙවිය 30%ත්, 40%ත් අතර ප්‍රමාණයකින් පහළ බැස තිබෙන බව සමස්ත ලංකා ලොතරැයි අලෙවිකරුවන්ගේ සංගමය සඳහන් කරයි.

එබැවින් ලොතරැයි අලෙවිකරුවන් හාරදහස් පන්සියයක් හා අලෙවි සහායකයන් තිස්දහසක් අසරණ තත්ත්වයට පත්ව සිටින බවත් එම සංගමය පෙන්වා දෙයි.

සියලු දෙනාටම සාධාරණයක් ඉටුකිරීම සඳහා ලොතරැයි අලෙවියේදී ලබාදෙනු රුපියල් තුනයි ශත පනහේ කොමිස් මුදල රුපියල් හතර දක්වා වැඩි කරන බවට බලධාරීන් පොරොන්දු වුවද, මෙතෙක් එය ඉටුකර නොමැති බවද එම සංගමය කියයි.

පාස්කු ඉරිදා සිදු වූ ප්‍රහාරයෙන් පසු ලොතරැයි අලෙවි කුටි තුළ බුලත් විට හා පුවත්පත් අලෙවි කිරීම තහනම් කර තිබෙන බවත්, එබැවින් අලෙවි සහායකයන්ගේ දෛනික ආදායමෙන් 50%ත්, 60%ත් අතර මුදලක් අහිමි වී තිබෙන බවත් එම සංගමය කියයි.

එබැවින් කඩිනමින් ශත 50 කොමිස් මුදල ඉහළ දමා මෙම පිරිසට සාධාරණයක් ඉටු කළ යුතු බවද ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේය.