FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකාව පරදා අප්‍රිකාව පළමු පුහුණු තරගය ජය ගනියි

(ෆාස්ට් නිව්ස් –  කොළඹ) – 2019 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ඊයේ (25) ශ්‍රී ලංකා කණ්ඩායම හා දකුණු අප්‍රිකාව කණ්ඩායම අතර පැවති පුහුණු තරගයෙන් ලකුණු 87 ක ජයග්‍රහණයක් වාර්තා කිරිමට දකුණු අප්‍රිකාව සමත් විය.
කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව සිය පන්දු ඕවර 50 අවසානයේදී කඩුලු 07ක් දැවී ලකුණු 338 ක් රැස් කළේය.
ඒ අනුව ලකුණු 338 ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර  42 යි පන්දු 03 කදී සියළු දෙනා දැවී රැස්කරගත හැකි වුයේ ලකුණු 251ක් පමණි.
ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් නායක දිමුත් කරුණාරත්න ලකුණු 87, ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 64ක් ලබා ගත්හ.
ලකුණු සාරංශය