FAST NEWS

24×7 Around the Globe

කල්මුණේ, සයින්දමරුදු පිපිරීමෙන් මියගිය අය පිළිබඳවත් ඩී.එන්.ඒ පරීක්ෂණයක්

(ෆාස්ට් ගොසිප් – කොළඹ) – කල්මුණේ, සයින්දමරුදු පිපිරීමෙන් මියගිය මොහොමඩ් සහරාන්ගේ පියා, සහෝදරයන් දෙදෙනා ඇතුළු සෙසු ත්‍රස්තයන්ගේ ඩී.එන්.ඒ. සම්බන්ධයෙන් ඔවුන්ගේ අනන්‍යතාව තහවුරු කර ගැනීමේ පර්යේෂණ මේ වන විට ආරම්භ කර ඇති බව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තු ආරංචි මාර්ගයන් පවසයි.
මේ අතර පාස්කු ඉරිදා දින මරාගෙන මැරෙන ප්‍රහාරවලට සම්බන්ධ ත්‍රස්තයන්ගේ බිරියන්ද සිටි අතර ඔවුන්ගේද අනන්‍යතාවන් තහවුරු කර ගැනීම මෙම පරීක්ෂණයේ අරමුණ බවද එම ආරංචි මාර්ගයන් සඳහන් කරයි.