FAST NEWS

24×7 Around the Globe

අසාන්ජ්ට එරෙහිව චෝදනා 17ක් යටතේ නඩු

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – විකිලීක්ස් සම නිර්මාතෘ ජූලියන් අසාන්ජ්ට එරෙහිව චෝදනා 17ක් යටතේ නඩු පැවරීමට අමෙරිකානු නීතිපති දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
රාජ්‍ය ආරක්ෂාව සම්බන්ධ සංවේදී තොරතුරු හෙළි කිරීම ඔහුට එරෙහිව එල්ල වන ප්‍රධාන චෝදනාව වී ඇති බවත් පැවසේ.
වසර 07 ක කාලයක් ලන්ඩනයේ පිහිටි ඉක්වදෝර් තානාපති කාර්යාලයේ දේශපාලන රැකවරණය ලබමින් සිටි ජූලියන් අසාන්ජ් පසුගියදා බ්‍රිතාන්‍ය පොලීසිය විසින් අත්අඩංගුවට ගත්තේය.
ජූලියන් අසාන්ජ්ව තම රටට භාර දෙන්නැයි ඔහුව අත්අඩංගුවට ගත් මොහොතේම අමෙරිකානු රජය ඉල්ලීමක් කර ඇති නමුත් එම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය මේ වන තුරු ප්‍රතිචාරයක් දක්වා නොමැති බව එම මාධ්‍ය වාර්තාවල සඳහන් වෙයි.