තෙරේසා මේ අගමැති ධුරය අතහැරීමට සූදානමින්

තෙරේසා මේ අගමැති ධුරය අතහැරීමට සූදානමින්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ අද (24) දිනයේ සිය ධුරයෙන් ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත් කරනු ඇතැයි එරට ජ්‍යෙෂ්ඨ ඇමතිවරු පිරිසක් ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
තෙරේසා මේ වෙනුවට කන්සවේටිව් පක්ෂයෙන් ඉදිරි මැතිවරණයට ඉදිරිපත් කරන පුද්ගලයා නම් කිරීමේ දිනය අගමැතිනිය විසින් ලබා දෙනු ඇති බවත් ඔවුහු සදහන් කරයි.
ලබන මස 10 වනදා නිල නායකත්ව සටන ආරම්භ වනු ඇති බවත් අපේක්ෂා කෙරෙයි.තෙරේසා මේ මහත්මිය කන්සවේටිව් පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සභාපතිවරයා හමුවීමට නියමිත බවත් විදෙස් වාර්තා පවසයි.
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරියගේ බ්‍රෙක්සිට් සැලැස්ම හේතුවෙන් කලකිරීමට පත්ව සිටි ඇගේ පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ඉල්ලා අස්වීමෙන් පසු ධුරයෙන් ඉවත්වන ලෙසට අගමැතිවරියට ද බලපෑම් එල්ල විය.
CATEGORIES