ඉන්දීය මහ මැතිවරණයෙන් මෝදිට ජය

ඉන්දීය මහ මැතිවරණයෙන් මෝදිට ජය

 (ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉන්දීය මහ මැතිවරණයේ මේවන විට නිකුත්වී ඇති ප‍්‍රතිඑල අනුව වත්මන් අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට විශිෂ්ට ජයග‍්‍රහණයක් හිමිව ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.
ඉන්දීය ලෝක් සභාවේ බහුතරය ලබාගැනීම සඳහා අසන 272 ලබා ගත යුතු අතර භාරතීය ජනතා පක්ෂය ප්‍රමුක සන්ධානය ආසන 300 ඉක්මවනු ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.
ඉන්දීය කොන්ග්‍රසය දරුණු පසුබෑමකට ලක්වෙමින් සිටින අතර රාහුල් ගාන්ධි මැතිවරණයට ඉදිරිපත් වූ උත්තර ප්‍රදේශයේ ඇමති ආසනයේ භාරතීය ජනතා පක්ෂයේ අපේක්ෂිකාව වන ශ්‍රීම්ති ඉරාණි, රාහුල් ගාන්ධිට ඉදිරියෙන් සිටින බවත් වාර්තා වෙයි.
දැනට ලැබෙන වාර්තාවලට අනුව ඉන්දීය කොංග්‍රස් ප්‍රමුඛ සන්ධානය ආසන 100 අධික ප්‍රමාණයක් ජයග්‍රහනය කරනු ඇති බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
මේ අනුව නරේන්ද්‍ර මෝදි ප්‍රමුඛ භාරතීය සන්ධානය යළිත් බලයට පත්වීමට අවශ්‍ය අවකාශය ලැබී තිබේ.
CATEGORIES