(ෆාස්ට් ගොසිප් – කොළඹ) – ඕස්ට්‍රේලියා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකු වන මයිකල් ස්ලේටර් ගුවන් යානයක් තුළදී අශෝභන ලෙස හැසිරීම හේතුවෙන් ඔහුව එම ගුවන් යානයෙන් ඉවත් කරන්නට ගුවන් සේවය කටයුතු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
හෙතෙම එළැඹෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය(අයි.සී.සී) විසින් නිකුත් කරන ලද විස්තර විචාරකයන්ගේ ලැයිස්තුවේ ඉදිරියෙන්ම සිටින විචාරකයකුද වෙයි.
ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර සිට නිව්සවුත් වේල්ස් බලා යෑමට නියමිතව තිබූ ක්වන්ටස් ගුවන් සේවයට අයත් යානයක් තුළදී සිය මිතුරන් දෙදෙනකු සමග ස්ලේටර් ඇතිකරගත් ගැටුමක් මීට ආසන්නතම හේතුව ලෙස වාර්තා වන අතර, අසභ්‍ය වචන පවසා බැන වැදී ඇති මොහු පසුව ගුවන් යානාවේ වැසිකිළිය තුළට ගොස් දොර අගුළුලාගෙන තිබේ.
පසුව ආරක්ෂක නිලධාරීන් පැමිණ මොහුව පිටතට ගෙන ඇති අතර, ගුවන් යානයෙන් ඉවත් වන ලෙස කළ ඉල්ලීමට එකඟ වෙමින් ස්ලේටර් ගුවන් යානයෙන් ඉවත් වී තිබේ.
කෙසේනමුත් මෙම සිදුවීමෙන් අනතුරුව ස්ලේටර් ගුවන් යානයේ සිටි මගීන් මුහුණ දුන් අපහසුතාවට සමාව අයැදිමින් ප්‍රකාශයක් නිකුත් කර ඇති බවත් වාර්තා වේ.
මෙම සිදුවීම වාර්තා වීමත් සමඟ එම ගුවන් ගමන මිනිත්තු 30 ක පමණ කාලයක් ප්‍රමාද වූ බවද පැවසේ.
1993 වසරේ සිට 2001 වසර දක්වා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දස්කම් දක්වා ඇති මයිකල් ස්ලේටර් ටෙස්ට් තරග 74කට හා එක්දින තරග 42 කට සහභාගි වී තිබේ.
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.