FAST NEWS

24×7 Around the Globe

මාලිංග ඇතුළු පහකට කැරිබියන් ලීග් තරගාවලියට වරම්

(ෆාස්ට් ගොසිප් – කොළඹ) –  2019 කැරිබියන් ප්‍රිමීයර් ලීග් විස්සයි – 20 ක්‍රිකට් තරගාවලිය සඳහා එක්විම සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස් දෙනෙක්ට ක්‍රීඩක වෙන්දෙසියේදි අවස්ථාව හිමීව තිබේ.
ඒ අනුව ලසිත් මාලිංග, ඉසුරු උදාන, තිසර පෙර්රා,සීකුගේ ප්‍රසන්න හා නිරෝෂන් දික්වැල්ල, කැරිබියන් ප්‍රිමීයර් ලීග් කණ්ඩායම් විසින් මිලදී ගෙන තිබේ.
ඒ අනුව ලසිත් මාලිංග,තිසර පෙර්රා හා නිරෝෂන් දික්වැල්ල සාන්ත ලුසියා ස්ටාර් කණ්ඩායම එක්වනු ඇත.
ඉසුරු උදානට සාන්ත කිට්ස් කණ්ඩායම එක්විමට අවස්ථාව හිමීව තිබේ.
නයිට් රයිඩර්ස් කණ්ඩායමට එක්විම සඳහා සීකුගේ ප්‍රසන්නට අවස්ථාව ලැබි ඇත.
2019 කැරිබියන් ප්‍රිමීයර් ලීග් විස්සයි – 20 ක්‍රිකට් තරගාවලිය අගොස්තු 21 වැනිදා සිට සැප්තැම්බර් 04 වැනිදා දක්වා කොදෙව් දුපත්හිදි පැවැත්විමට නියමීතය.