(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පරිඝණක කේතයන් භාවිතා කිරීමට ලොව වටා සිටින දරුවන්ට ඉඩ සැලසීමේ ප්‍රමුුඛයා වන ටින්කර් නම් අධ්‍යාපනික මෘදුකාංග වැඩසටහන විසින් පසුගියදා සිදු කරන ලද තරඟයකදී නාසා විශේෂඥයින් විසින් තෝරාගත් ජයග්‍රාහකයින් පස් දෙන අතරට ශ්‍රී ලාංකික සිසුවෙක් තේරී පත් වී තිබේ.
නාසා ආයතනය 2024 දී චන්ද්‍රයා වෙත ගමන් කරන මෙහෙයුම සඳහා ලාංඡනය නිර්මාණය කිරීමේ (Mission Patch Design Challenge) තරඟයට ශ්‍රී ලංකාවේ , ඉෂාක් සියාම් සිසුවා තේරී පත් වී ඇති බව නසා ආයතනය සඳහන් කළේය. එම සිසුවා කොළඹ පාසලක 6 වන ශ්‍රේණියේ ඉගනුම ලබන සිසුවෙක්.
එම ජයග්‍රාහකයින් අතරට ,ඇමරිකා එක්සත් ජනපදයෙන් සිසුන් තිදෙනෙක් සහ මැලේසියාවෙන් එක් සිසුවෙක් තේරී පත්ව ඇති බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කරයි.
මෙම තරඟය සඳහා නිර්මාණ 10,000 ක් පමණ ලැබුණු අතර එයින් නිර්මාණ 5 ක් තොරාගැනුණු බවයි ටින්කර් හි අධ්‍යාපනික වැඩසටහනේ උප සභාපති කෞස්ටව් මිත්රා ( Kaustav Mitra) පවසන්නේ.
උප සභාපති කෞස්ටව් මිත්රා පැවසුවේ අභ්‍යවකාශ අධ්‍යාපන සඳහා දරුවන් යොමු කිරීම මෙහි අරමුණ බවයි නාසා ආයතනය සමඟ එක්ව ටින්කර් විසින් සැලසුම් කරන ලද මෙම ව්‍යාපෘති “Moon2Mars” ලෙස හඳුන්වයි.
1965 සිට සෑම මෙහෙයුමකට මෙවැනි ලාංජන නිර්මාණය කෙරුණු බවත් අතර ඉදිරි Moon2Mars තරඟ දෙක සැප්තැම්බර් සහ ඔක්තෝබර් මස පැවැත්වීමට නියමිත බවත් නසා ආයතනය වැඩිදුරටත් සඳහන් කරයි.
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.