FAST NEWS

24×7 Around the Globe

රන්මිණිතැන්නට කොකෝවා වගාවක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  හම්බන්තොට රන්මිණිතැන්නේ කෝකෝවා සංවර් ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට රජයේ අවධානය යොමුව තිබේ. මෙම ව්‍යාපෘතිය ගෝලීය කොකෝවා නිශ්පාදන සමාගමක් වන ඊශ්‍රායෙලයේ බින සහ සමාගමේ සහයෝගය ඇතිව ශ්‍රී ලංකාවේ මෝල්සටා කෝප් සමාගම එක්ව ක්‍රියාත්මක කිරිමට නියමිතය.
මේ සඳහා වන ශක්‍යතා අධ්‍යනක් සිදුකිරීමට අමාත්‍ය මණ්ඩලය මීට පෙර අනුමැතිය ලබාදී තිබුණි. කෙසේ වෙතත් ඒ සඳහා වන අනුමැතිය ලබාගැනිම් විවිධ හේතු නිසා ප්‍රමාධ වී තිබේ.
 ඒ අනුව ශක්‍යතා අනුමැතිය නිම කිරීමට හැකියාව ලැබී නොමැති අතර එම ව්‍යාපෘතියේ ශක්‍යතා අධ්‍යනය සිදුකිරීම සඳහා දී ඇති කාලය තවත් මාස 6 කින් දීර්ග කිරිමට අමාත්‍ය සාගල රත්නායක මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.