FAST NEWS

24×7 Around the Globe

බියර් බද්දෙන් රජයට කෝටි 3,500 ක ආදායමක්

 (ෆාස්ට් නිව්ස් | කොළඹ) – මේ වසරේ මාර්තු 31 න් අවසන් මූල්‍ය වර්ෂය තුළ දී බියර් කර්මාන්තය හරහා රජයට ලැබී තිබෙන ආදායම රුපියල් බිලියන 35.4 (කෝටි 3,540) ක් බව වාර්තා වේ.
ලයන් බෘෘවරි (සිලෝන්) පීඑල්සී සමාගම සිය නවතම මූල්‍ය වාර්තා ප්‍රකාශයට පත් කරමින් මේ බව අනාවරණය කර තිබේ.
ඔවුන් පවසන්නේ මෙලෙස බියර් කර්මාන්තය හරහා රජයට ලැබෙන බදු ආදායම වාර්ෂිකව රුපියල් බිලියන 8.2 සිට රුපියල් බිලියන 35.4 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.
තවද 2019 මාර්තු 31 න් අවසන් මූල්‍ය වර්ෂය තුළදී ලයන් බෘෘවරි සමාගමේ පිරිවැටුම රුපියල් බිලියන 42.8 ක් ලෙසින් වාර්තා වන අතර මෙම කාලපරිච්ඡේදය තුළ දී සමාගම රුපියල් බිලියන 3.2 ක බදු ගෙවීමෙන් පසු ලාභයක් වාර්තා කිරීමට සමත් වී තිබේ.