ඇමරිකාවට හුවාවි නිර්මාතෘගෙන් චෝදනා

ඇමරිකාවට හුවාවි නිර්මාතෘගෙන් චෝදනා

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඇමරිකාව තුළ හුවාවි සමාගමට තහනමක් පැනවීමත් සමග ඇමෙරිකා එක්සත් ජනපදය සිය සමාගමේ ගෝලීය අභිලාෂ අවහිර කිරීමට උත්සාහ කරන බවත් , සිය සමාගම අවතක්සේරු කර ඇති බවත් හුවාවි සමාගමේ නිර්මාතෘ රෙන් ෂෙන්ග්ෆෙයි පැවැසීය.
පස්වැනි පරම්පරාවේ තාක්ෂණය (5ජී) හඳුන්වා දීමෙන් පසු හුවාවි සමාගම අනෙකුත් සමාගම්වලට දැඩි තරගයක් දෙමින් ඉදිරියට පැමිණි අතර ඇමෙරිකාව එම සමාගමට තහංචි පැනවීම එහි එක් පියවරක් යැයි ද ඇතැම් පාර්ශව අදහස් දැක්වූහ.
“ඇමෙරිකානු දේශපාලනඥයන්ගේ වත්මන් හැසිරීම අපේ ශක්තිය අවතක්සේරු කිරීමක්. “හුවාවි සමාගමේ 5ජී තාක්ෂණයට කිසිදු බලපෑමක් වෙන්නේ නැහැ. 5ජී තාක්ෂණය ගැන කිව්වොත් තවත් අවුරුදු තුන හතරක් යනකං අනෙක් කිසිවකුටවත් අපි අල්ල ගන්න බැහැ”යැයි ද රෙන් චීන මාධ්‍ය වෙත අදහස් දක්වමින් සදහන් කළේය.
CATEGORIES