FAST NEWS

24×7 Around the Globe

ස්කොට්ලන්තයට එරෙහිව ශ්‍රී ලංකාවට ලකුණු 35 ක ජයක්..

(ෆාස්ට් නිව්ස්-  කොළඹ) -සත්කාරක ස්කෙටේලන්ත කණ්ඩායම සමග ඊයේ (21) එඩින්ග්බරෝහිදි පැවති දෙවන හා අවසන් එක්දින තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 35 ජයක් වාර්තා කිරිමට ශ්‍රී ලංකි කණ්ඩායම සමත් විය.
ඒ අනුව තරග දෙකකින් යුත් එක්දින තරගාවලිය තරග 1-0 ලෙස ජයග්‍රහණය කිරිමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
කාසියේ වාසිය දිනු ස්කෙටේලන්ත ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 08 ක් පමණක් දැවි ලකුණු 322 ක් රැස් කළේය.
ස්කොට්ලන්තයේ පිළිතුරු ඉනිම අතරතුර තරගයට වර්ෂාවෙන් බාධා එල්ල විය.
මෙම තත්වය මත පන්දුවාර 34 කදි ලකුණු 235 ක ඉලක්කයක් ස්කෙටේලන්තයට හිමි විය.
කෙසේ වෙතත් පන්දුවාර 33 යි පන්දු 02 ක් තුළ සියුලු දෙනා දැවි ස්කෙටේලන්තයට ලබා ගැනිමට හැකි වුයේ ලකුණු 199 ක් පමණි.