FAST NEWS

24×7 Around the Globe

“Game of Thrones” කතා මාලාව අවසන් වෙයි

 (ෆාස්ට් නිව්ස් | කොළඹ) – ලෝ පුරා අතිශය ජනප්‍රියට පත්ව රසිකයන්ගේ නොමද ආකර්ෂණයට පත් ‘ගේම් ඔෆ් ත්‍රෝන්ස්’ රූපවාහිනී කතා මාලාව මේ වන විට නිමාවට පත්වී තිබේ.
‘ගේම් ඔෆ් ත්‍රෝන්ස්’ කතා මාලාව කතාංග 08 කින් යුක්ත වූ අතර විකාශය කෙරුණු කොටස් සංඛ්‍යාව 72 ක්.
ලෝක රූපවාහිනී ඉතිහාසයේ වඩාත් සාර්ථකම සහ ආකර්ශනීයම කතා මාලාව ලෙසට මෙය ප්‍රේක්ෂක ප්‍රසාදය දිනාගත් අතර එය සම්මානනීය කතා මාලාවක් වීමද විශේෂත්වයකි.
2011 වසරේ අප්‍රේල් මස 17 වැනිදා එහි පළමු කතාංගය විකාශය කිරීමත් සමග එය උන්මාදයක් සේ ලොවපුරා ප‍්‍රචලිත විය.
නමුත් ප්‍රේක්ෂකයන්ගේ සහ විචාරකයින්ගේ පැසසුම් මෙන්ම විවිධ විවේචන ද එල්ල වී තිබුණි.‘ගේම් ඔෆ් ත්‍රෝන්ස්’ රසිකයින් රැසක් ශ්‍රී ලංකාවේද සිටින අතර , කතා මාලාව අවසන් වූ ආකාරය පිළිබද සතුටට පත්විය නොහැකි බව බොහෝ ප්‍රේක්ෂකයන් චෝදනා කර සිටියි.
ප්‍රේක්ෂකයන් මිලියනයකට අධික සංඛ්‍යාවක් දැනටමත් පෙත්සමකට අත්සන් තබමින් සිටින අතර ඔවුන් ඉල්ලා සිටින්නේ ‘ගේම් ඔෆ් ත්‍රෝන්ස්’ කතා මාලාව අවසන් වූ 08 වන කතාංගය යළි නිර්මාණය කරන ලෙසටයි.