FAST NEWS

24×7 Around the Globe

සහරාන් මීය ගිය බව ඩී.එන්.ඒ. පරීක්ෂණයේදි තහවුරු වෙයි !!!

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – පාස්කු ඉරුදින කොළඹ ෂැංග්‍රීලා හෝටලයේදි මරාගෙන මැරුණු බෝම්බකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු ජාතික තව්හීත් ජමාත් ත්‍රස්ත සංවිධානයේ නායක මොහෝමඩ් සහ්රාන් හෂීම් බව ඩී.එන්.ඒ. පරීක්ෂණයේදි තහවුරුවි ඇති බව රජයේ රස පරික්ෂක දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ගවලින් කියැවේ.
මෙම පරීක්ෂණයට අදාළ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ වාර්තාව අද (21) දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දීමට නියමිත බවද පැවසේ.
මොහොමඩ් සහරාන්ගේ බිරිඳගේ, දියණියගේ හා සහෝදරියකගේ ජීව නියැදි යොදාගෙන දින ගණනාවක් තිස්සේ මෙම ඩී.එන්.ඒ. පරික්ෂණය සිදුකළ බව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියයි.