FAST NEWS

24×7 Around the Globe

දිවුරුම් දෙන්නේ අද 12ට – ශ්‍රීලනිප ඇමතිවරු තවමත් කවුද කියලා තීරණයක් නැහැ.

අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම අද (4) දහවල් සිදු කිරීමට නියමිතව තිබුණ ද මේ වන විටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් දිවුරුම් දෙන අමාත්‍යවරු පිළිබඳව අවසන් නිගමනයකට පැමිණ නොමැති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග මගින් වාර්තා වේ.

ජාතික ලැයිස්තුවෙන් පත් කළ සහ ජාතික ආණ්ඩුවට පක්ෂව ඡන්දය ලබා දුන් මන්ත්‍රීවරු අද (4) පෙරවරුවේ ජනාධිපතිවරයා හමුවීමට නියමිතව තිබූ අතර එහිදී මේ සම්බන්ධයෙන් අවසන් නිගමනයකට එළඹීමට නියමිතව තිබුණා.

අග්‍රාමාත්‍යවරයා විසින් ඊයේ (3) පස්වරුවේ පාර්ලිමේන්තුවේ දී නිමල් සිරිපාල,රාජිත සේනාරත්න යන මන්ත්‍රීවරු සමග පැවති පුද් ගලික හමුවක දී ද “අපේ ප්‍රශ්නයක් නැහැ.මෙයාල තවම ප්‍රශ්න විසඳගෙන නැහැ”යනුවෙන් නිමල් සිරිපාල මන්ත්‍රීවරයා පෙන්වමින් කළ ප්‍රකාශයකින් ද මේ බව සනාථ වන බවයි වාර්තා වන්නේ..