FAST NEWS

24×7 Around the Globe

ඕස්ට්‍රේලියානු මහ මැතිවරණයෙන් මධ්‍ය දක්ෂිනාංශික පාලක ලිබරල් සන්ධානයට ජය..

 (ෆාස්ට් නිව්ස් | කොළඹ) – පසුගිය 18 වනදා පැවති ඔස්ට්‍රේලියානු මහ මැතිවරණයෙන් අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන්ගේ නායකත්වයෙන් යුත් මධ්‍ය දක්ෂිනාංශික පාලක ලිබරල් සන්ධානයට ජයග්‍රහණය හිමිව තිබේ.
පාලක ලිබරල් සන්ධානය සහ එරට ප්‍රධාන විපක්ෂය වන කම්කරු පක්ෂය මැතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින ප්‍රධාන පක්ෂ ද්විත්වයයි.
ඔස්ට්‍රේලියාව ලෝකයේ ඡන්ද දායකයන්ට ඡන්දය ප්‍රකාශ කිරීම අනිවාර්ය කර ඇති රටවල් අතුරින් එකක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අගමැති ස්කොට් මොරිසන්ගේ නායකත්වයෙන් යුත් මධ්‍ය දක්ෂිනාංශික පාලක ලිබරල් සන්ධානය මෙවර මැතිවරණය සඳහා ඉදිරිපත් වූයේ තෙවන වරටත් ඔස්ට්‍රේලියාවේ පාලන බලය අපේක්ෂා කරමින්.
මේ අනුව ඔවුන්ගේ ධූර කාලය තවත් වසර 06 කින් දීර්ඝ වෙයි.
කෙසේ වෙතත් බිල් ෂෝර්ට්න් ගේ නායකත්වයෙන් යුත් වාමාංශික මතධාරී කම්කරු පක්ෂයට මෙවර මැතිවරණයේදී ඔවුන්ට ප්‍රබල අභියෝගයක් වීමට ඉඩකඩ තිබූ බව විචාරකයින් පෙන්වා දුන්නේය.