FAST NEWS

24×7 Around the Globe

වෙසක් පෝ දා ජනපති සමාව හිමිවූවන් අතර ඥාණසාර හිමි ?

 (ෆාස්ට් නිව්ස් | කොළඹ) – වෙසක් පුර පසලොස්වක පොහොය නිමිත්තෙන් ජනාධිපති පොදු සමාව යටතේ නිදහස ලැබීමට නිර්දේශිත සිරකරුවන් අතර පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ගේ නම නොමැති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
පසුගිය දිනවල උන්වහන්සේගේ සුවදුක් විමසීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුම පැමිණ ඇති අතර ඔවුන් කියාසිටියේ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ජනපති පොදු සමාව යටතේ නිදහස් කළ යුතු බවයි.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ජනපති පොදු සමාව යටතේ නිදහස් කරන්නැයි ඊට පෙරද අවස්ථා කිහිපයකදීම ඉල්ලීම් ඉදිරිපත් විය.
ජනාධිපතිවරයා පොදු සමාව ලබාදීමට අත්සන් කර ඇත්තේ සුළු වැරදි සම්බන්ධයෙන් සිරදඩුවම් විදින සිරකරුවන්, වයස අවුරුදු 70 ඉක්මවූ සිරකරුවන් සහ සුළු වැරදි සදහා දඩ ගෙවීමට නොහැකිව බන්ධනාගාර ගතකර සිටින සිරකරුවන් සදහා පමණක් බව බන්ධනාගාර ආරංචි මාර්ග පැවසීය.
මේ අතර වෙසක් පොහොය නිමිත්තෙන් බන්ධනාගාරගත කර සිටින අනෙකුත් රැදවූවන් බැලීමට ඔවුන්ගේ ඥාතීන්ට මෙවර ද දින දෙකක් හිමි වනු ඇති.
ඒ ලබන 19 සහ 20 යන දෙදින තුළයි.