FAST NEWS

24×7 Around the Globe

දශක 03 කට පසු බහාලුම් ගැල් මෙරටට ආනයනය කරයි…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – වසර 30 කට පසුව භාණ්ඩ ප්‍රවාහනය සඳහා යොදා ගනු ලබන බහලුම් ගැල් 10 ක් අද (17) දින කොළඹ වරායෙන් ලංකාවට පැමිණ තිබේ.
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සතුව දැනට බහලුම් ප්‍රවාහන ගැල් ප්‍රමාණය 25 ක් පවතින බව සදහන් වේ.
ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ බහළුම් ගැල් 20 ක් ආනයනය කිරීමට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය අපේක්ෂා කරන අතර එයින් 10 ක් අද (17) පළමු අදියර යටතේ ආනයනය කරනු ලැබීය.
අඩි 40 බහාළුම් ප්‍රවාහනය කළ හැකි මෙම එක් ගැලක වටිනාකම ඇමෙරිකා ඩොලර් 84,200 ක් වන අතර එය ශ්‍රී ලංකා මුදලින් ආසන්න වශයෙන් රුපියල් මිලියන 15 ක් පමණ වේ.
මේ අතර තවත් ඉන්ධන ප්‍රවාහන ගැල් 05 ක්ද මේ සමඟ ආනයනය කර ඇත.
ශ්‍රී ලංකාවට මෙලෙස ඉන්ධන ප්‍රවාහන ගැල් ආනයනය කර ඇත්තේ වසර 07 කට පසුවය.