FAST NEWS

24×7 Around the Globe

කෞෂාල් සිල්වා එංගලන්තයට..

(ෆාස්ට් ගොසිප් – කොළඹ) – 2019 එංගලන්ත සසෙක්ස් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගි විම සඳහා Mayfield CCC කණ්ඩායම සමග ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රීඩක කෞෂාල් සිල්වා ගිවිසුම්ගත වී ඇති බව එංගලන්ත ක්‍රීඩා මාධ්‍ය වාර්තා පවසයි.
තමන්ට ජාතික කණ්ඩායම සමග එක්විමට අවස්ථාව ලැබෙන තෙක් බලා නොසිටිය හැකි බවත්, ලෝකය පුරා ක්‍රිකට් ක්‍රීඩා කිරිමට තමා වාසනාවත්ත වී ඇති බව කෞෂාල් පෙරේරා මාධ්‍ය වෙත සඳහන් කර තිබේ.
එසේම සිය අත්දැකිම් මෙම ක්‍රීඩා සමාජයට ප්‍රයෝජනවත් වනු ඇති බවත් පවසා ඇත.
එසේම තමාට එංගලන්තයේ ගිම්හානයක ක්‍රීඩා කිරිමේ වුවමනාව පැවති බවත් සෑම විටම වුවමනා වූ බවත් එ සඳහා Mayfield අවස්ථාව ලබා දීම ගැන සිය කෘතඥතාවය පල කරන බවද හෙතෙම වැඩි දුරටත් පවසා තිබේ.