FAST NEWS

24×7 Around the Globe

මර්කල්ගේ ගුවන් යානාවේ වෑන් රථයක් ගැටෙයි..

(ෆාස්ට් ගොසිප් – කොළඹ) -ජර්මානු චාන්සලර් ඇන්ජලා මර්කල්ගේ ගුවන් යානාවේ ඡායාරූපයක්‌ ගැනීමට උත්සාහ කළ ජර්මනියේ ඩෝමුන්ඩ් ගුවන් තොටුපළේ සේවිකාවක්‌ නොසිතූ ලෙස ඇබැද්දියකට මුහුණ පා ඇති බව විදෙස් මාධ්‍ය කියයි.
ඇය තම වෑන් රථයක් යානාව අසල නතර කර ඉන් බැසගොස්‌ ඡායාරූපයක්‌ ගැනීමට උත්සාහ කළ අවස්‌ථාවේ එම වෑන්රිය යානාවේ ගැටී තිබේ.
ඊට හේතු වී ඇත්තේ වෑන්රියේ තිරිංග අක්‍රිය කිරීමට ඇය අසමත්වීම බවද පැවසේ.
වෑන්රිය ගැටීමෙන් යානාවේ බඳට සුළු තුවාල සිදු වී ඇති බවත් කියැවේ.