FAST NEWS

24×7 Around the Globe

පාකිස්ථානයට අලුත් ප්‍රාන්තයක් එකතු වෙයි…

 (ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාකිස්ථානය තුළ නව දකුණු පන්ජාබය නමින් අලුත් ප්‍රාන්තයක් එකතු කිරීමට සැළසුම් කර ඇති අතර , මෙලෙස නව ප්‍රාන්තයක් ලෙස වෙන් කිරීමට සූදානම් වන්නේ එරට දෙවන විශාලතම ප්‍රාන්තය වන පන්ජාබ් හි කොටසක් බව එරට විදේශ අමාත්‍ය ෂාහ් මොහොමඩ් කුරේෂි ප්‍රකාශ කළේය.
වැඩිම ජනගහණයක් ජීවත්වන පන්ජාබය මැතිවරණවලදී වැදගත් ප්‍රාන්තයක් ලෙස සැළකෙයි.
නව දකුණු පන්ජාබය මුල්තාන්, බහවල්පූර් සහ ඩෙරා ගාසි යන දිස්ත්‍රික්කවලින් සමන්විත බව පාකිස්ථාන විදේශ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.