FAST NEWS

24×7 Around the Globe

කල්පිටියේ සංචාරක කර්මාන්තය බිඳ වැටෙයි…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පසුගිය දිනවල සිදුවූ ත්‍රස්ත ප්‍රහාරත් සමග කල්පිටිය අර්ධද්විපයේ සංචාරක කර්මාන්තය සම්පූර්ණයෙන් බිඳ වැටී ඇති බව එම ව්‍යාපාරයේ නිරතවන්නන් සදහන් කරයි.
සෑම වසරකම අප්‍රේල් මාසයෙන් පසුව විවිධ රටවලින් පැමිණෙන සංචාරකයින් කල්පිටියේ සොදුරු පරිසරය අත්විදිමින් කඩොලාන පරිසර රටාව වගේම ඩොල්පින් හා තල්මසුන් දැකබලා ගැනීමට බොහෝ උනන්දුවක් දක්වයි.
ඒ වගේම මුහුදු සරුංගල් සඳහා (කයිට් සර්ෆින්) සඳහා සුදුසුම පරිසර රටාවකින් කල්පිටිය මුහුදු සහ කලපු ආශ්‍රිතව සැකසී තබීම විදේශිකයන්ගේ උනන්දුව තව තවත් වැඩි කරවයි.
නමුත් මේ වන විට සංචාරකයින් පැමිණීම සම්පූර්ණයෙන් නැවතී යාම හේතුවෙන් කල්පිටිය අර්ධද්වීපයේ සංචාරක හෝටල් 100 කට ආසන්න ප්‍රමාණයක් පාළුවට ගොස් ඇති බවත් එහි සේවකයන්ට ද පඩි ගෙවා ගැනීමේ බරපතළ ගැටලුවක සිටින බව හෝටල් හිමිකරුවන් පවසති.
විදේශිය තියා දේශීය සංචාරකයෙක්වත් නොමැති හෙයින් තමන්ගේ ණය මුදල් ගෙවා ගැනීමට නොහැකිව බැංකු වලට ණය කාරයන් වී ඇති බව කල්පිටියේ හෝටල් හිමිකරුවෙකු සදහන් කර සිටියේය.