FAST NEWS

24×7 Around the Globe

කොදෙව් තරඟාවලියට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමට තාවකාලික පුහුණුකරුවෙක්.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන තරගාවලිය සඳහා ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමට තාවකාලිකව ප‍්‍රධාන පුහුණුකරුවෙකුගේ සේවය ලබා ගැනීම කෙරෙහි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ අවධානය යොමු වී තිබෙනවා.

එ එම ධුරයේ කටයුතු කළ මාවන් අතපත්තු ඊයේ (03) ඉල්ලා අස්වීමත් සමගයි.

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරී ඇෂ්ලි ද සිල්වා මහතා ප‍්‍රකාශ කළේ මේ වන විටත් පුහුණුකරුවෙකු සොයා ගැනීමේ කටයුතු ආරම්භ කර ඇති බවයි.

ටෙස්ට් තරග දෙකකටත්, එක්දින තරග 3කට සහ පන්දුවාර විස්ස තරග දෙකකට සහභාගි වීම සඳහා බටහිර ඉන්දීය කොදෙව් පිල ලබන මස මුල් සතියේ දිවයිනට පැමිණිමට නියමිතව තිබෙනවා.

එම තරගාවලි ආරම්භ වීමට ප‍්‍රථම තාවකාලිකව පුහුණුකරුවෙකු එක්කර ගැනීමයි තීරණය වී ඇත්තේ.