FAST NEWS

24×7 Around the Globe

අමෙරිකාව හා වෙනිසියුලාව අතර ගුවන් ගමන් තාවකාලිකව නවතයි..

 (ෆාස්ට් නිව්ස් | කොළඹ) – වෙනිසියුලාවේ පවතින අර්බුදකාරී වතාවරණය සැලකිල්ලට ගනිමින් අමෙරිකාව සහ වෙනිසියුලාව අතර සියලු ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට අමෙරිකානු ප්‍රවාහන දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
වෙනිසියුලාවේ පවතින තත්ත්වය ගුවන් මගීන්ගේ මෙන්ම ගුවන් යානාවල සහ කාර්යය මණ්ඩලවල ආරක්ෂාවට තර්ජනයක් බව අමෙරිකානු ප්‍රවාහන දෙපාර්තමේන්තුව පෙන්වා දී ඇත.
ආරක්ෂක හේතුන් මත මේ වන විට ජාත්‍යතන්තර ගුවන් සමාගම් රැසක් වෙනිසියුලාවේ ගුවන් මෙහෙයුම් කටයුතු අත්හිටුවා ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.