FAST NEWS

24×7 Around the Globe

ප්‍රහාරයක් එල්ලවීමේ අවධානය නිසා ඉන්දුනීසියාවේ ආරක්ෂාව දැඩි කරයි..

 (ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉන්දුනීසියාවේ පැවති ජනාධිපතිවරණයේ ප්‍රතිඵල ඉදිරි සතියේදි ප්‍රකාශයට පත් කිරීමට නියමිත අතර, එහිදී ප්‍රහාරයක් එල්ලවීමේ සැලැස්මක් පවතින බවට තොරතුරු වාර්තාවීමත් සමඟ එරට ආරක්ෂාව දැඩි කිරීමට පියවරගෙන ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කරයි.
මේ මස 21, 22 හෝ 23 යන දිනයන්හි ජනතාව විශාල වශයෙන් රැස්වන ස්ථාන ඉලක්ක කර ප්‍රහාර එල්ලවනු ඇති බවට ආරක්ෂක අංශ වෙත නිල නොවන තොරතුරු ලැබී තිබේ.
ඒ අනුව ජකර්තා අගනුවර ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 32,000 කට ආසන්න පිරිසක් සහ හමුදා බල ඇණියක් යොදවා ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.