FAST NEWS

24×7 Around the Globe

මලයාසියාවේ සියළු මන්ත්‍රීවරුන්ගේ වත්කම් හෙළිකරන්න- මහතීර් මොහොමඩ්..

 (ෆාස්ට් නිව්ස් | කොළඹ) – මලයාසියානු අග්‍රාමාත්‍ය මහතීර් මොහොමඩ් එරට සියළු මන්ත්‍රීවරුන්ගේ වත්කම් හෙළි කළ යුතු බවට ප්‍රකාශයක් සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මලයාසියානු අගමැතිවරයා මෙලෙස දැනුම් දී ඇත්තේ ඔහුට එරෙහිව එල්ල වී තිබෙන දූෂණ චෝදනා හේතුවෙනුයි.
අගමැතිවරයා විසින් මන්ත්‍රීවරුන්ගේ වත්කම් අනෙකුත් පුද්ගලයින්ට දැන ගැනීම සඳහා විශේෂ වෙබ් අඩවියක් ද විවෘත කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේය.