FAST NEWS

24×7 Around the Globe

චීනයෙන් ඇමරිකානු භාණ්ඩ සදහා 25% ක බද්දක්..

 (ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඩොලර් බිලියන 60 ක් වටිනා ඇමරිකානු භාණ්ඩ සඳහා 25% දක්වා තීරු බදු පනවා තිබේ.
චීනයෙන් ඇමරිකා එක්සත් ජනපදයට ආනයනය කරනු ලබන ඩොලර් බිලියන 200 ඉක්මවූ භාණ්ඩ සඳහා 25% ක තීරු බදු පැනවීමට චීනය විසින් මෙසේ ප්‍රතිචාර දක්වා තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ඒ අනුව ඇමරිකාවෙන් ආනයනය කෙරෙන ගව, බැටළු සහ ඌරු මස් මෙන්ම එළවළු, පළතුරු යුෂ, පිසුම් තෙල්, තේ සහ කෝපි වලට ද චීනය බදු වැඩි කරනු ඇති.
මෙය ඇමරිකානු – චීන වෙළද යුද්ධය උත්සන්නවීමක් ලෙස විචාරකයන් සදහන් කරයි.