විදේශීය කාන්තාවක් දූෂණය කිරීම සම්බන්ධයෙන් දකුණු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර (රත්තරන්) නැමති අයට සහ ඔහුගේ රියදුරාට එරෙහිව ගාල්ල පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබේ. චීන ජාතික කාන්තාවක් විසින්, ඔවුන් දෙදෙනා විසින් තමා දූෂණය කළ බවට ගාල්ල පොලිසියේ ළමා හා කාන්තා කාර්යායේ පැමිණීල්ලක් සටහන්කර තිබේ.
මේ සම්බන්ධයෙන් ගාල්ල පොලිසියේ කාන්තා හා ළමා කාර්යාංශයෙන් සිදුකළ විමසුමකදී එම කාර්යාංශයේ කානතා පොලිස් නිලධාරිනියක සඳහන් කළේ එවැනි පැමිණීල්ලක් ලැබී ඇතිබවය. ඒ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තාකර ඇති බවත් අදාල ලිපි ගොනුව නීතිපතිවරයා හමුවට යවා ඇතිබවය.









