FAST NEWS

24×7 Around the Globe

ජෝර්ජියානු කාන්තාවන්ට ලිංගික හැසිරිම් වර්ජනයක් කරන්නැයි ඉල්ලිමක්.

ජෝර්ජියානු රජය විසින් ගබ්සාව තහනම් කිරීමට විරෝධය පාමින් එරට කාන්තාවන් අදාළ නීතිය ඉවත් කරන තුරු පිරිමින් සමග ලිංගිකව හැසිරීම වර්ජනය කරන ලෙසට ප‍්‍රකට නිළියක් වන ඇලීසා මිලානෝ ඉල්ලීමක් කර ඇති බව විදෙස් වාර්තා කියයි.
තමන්ගේ ශරීරයේ අයිතිය ඇත්තේ තමන්ට බවත් ගබ්සාව තහනම් කිරීම නිසා ගැබ් ගැනීම අවදානමක් බවත් එම නිසා ගබ්සාව යළිත් නීතිගත කළ යුතු අතර ගබ්සා කිරීමේ හෝ නොකිරීමේ අයිතිය අදාළ කාන්තාවගේ කැමැත්ත මත පදනම් විය යුතු බවත් ඇය පවසන්නීය.
එම නිසා එම අයිතිය කාන්තාවන්ට යළි ලැබෙන තුරු පිරිමින් සමග ලිංගිකව නොහැසිරෙන ලෙස ඇය ජෝර්ජියානු කාන්තාවන්ගෙන් ඉල්ලා තිබේ.