FAST NEWS

24×7 Around the Globe

ලෝක කුසලානයේ සිය ඉලක්කය ගැන වැන්ඩර්සේ කියයි..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) –  2019 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩකයින්ට විශාල අභියෝගයක් විය හැකි බව ලෝක කුසලාන සංචිතය නම් කර සිටින ජෙෆ්රි වැන්ඩර්සේ විදෙස් මාධ්‍ය වෙත සඳහන් කර තිබේ.
“ලොකු අභියෝගයක් වෙයි ක්‍රීඩකයින්ටත් කොචින්ග් කැම්ප් එකටත් එ ඔක්කොටම. ස්ලයිඩර් එකක් ප්‍රැක්ටිස් කරනවා මෙ ටිකේ,ගොඩක් හැබැයි රිලයි වෙන්නේ ලෙග්ස්පින් එකයි ගුග්ලි එකයි තමා. ප්‍රර්සනලි ගත්තොත් ටීම් එකට අවශ්‍ය මොහොතේ හොඳට කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.මගේ ප්‍රර්සනල් ට්‍රාගට් එක බෙස්ට් බොලර් වෙන්න මෑන් ඔෆ් ද සිරීස් වෙන්න..”
ලෝක කුසලාන තරගාවලිය සහභාගි විම සඳහා ශ්‍රී ලංකා සංචිතය දිවයිනෙන් පිටව ගියේය.