FAST NEWS

24×7 Around the Globe

කෝටියක ඇමරිකානු ජනතා අත්සනින් ට්‍රම්ප්ට එරෙහිව දෝෂාභියෝගයක්..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝග ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන ලෙස ඉල්ලා කෝටියක ඇමරිකානු ජනතා අත්සන් සහිත පෙත්සමක් ඇමරිකානු කොංග්‍රස් මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබෙන බව විදෙස් මාධ්‍ය සදහන් කරයි.
විපක්ෂ ඩිමොක්‍රටික් පක්ෂයේ නියෝජිතයන් දෙදෙනෙකු විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ.
අත්සන් කෝටියක් සහිත ලියවිල්ල රැගෙන ඒමට කාඩ්බෝඩ් පෙට්ටි රැසක් යොදා ගැනීමට සිදුවූ බවත් වාර්තා වෙයි.
මෙම පෙත්සම ඉදිරිපත් කරනු ලැබුවේ ඩිමොක්‍රටික් සභික අල් ග්‍රීන් සහ ප්‍රථම වරට කොංග්‍රස් මණ්ඩලයට තේරී පත්වූ පලස්තීන – ඇමරිකානු සම්භවයක් සහිත රෂීඩා තලීබ් විසින්.
කෙසේ නමුත් එවැනි දෝෂාභියෝගයක් 2020 ජනපතිවරණයේදී ඩිමොක්‍රටික් පක්ෂයට අහිතකර බලපෑමක් එල්ල කළ හැකි බව කොංග්‍රස් මණ්ඩල කථානායකවරිය වන නැන්සි පෙලෝසි සඳහන් කළාය.