FAST NEWS

24×7 Around the Globe

රුසියා ජාතික ගුවන් සේවය ශ්‍රී ලංකා ඉන්දුනීසියා මෙහෙයුම් නවත්වයි..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – රුසියා ජාතික ගුවන් සේවය වන Aeroflot ගුවන් සේවය ශ්‍රී ලංකාවේ කොළඹ හා ඉන්දුනීසියාවේ බාලි වෙත සිදුකළ මෙහෙයුම් මාස දෙකක පමණ කාලයක් නවතා දැමීමට තීරණය කර ඇති බව රුසියා මාධ්‍ය වාර්තා පවසයි.
ඒ අනුව මැයි 11 දා සිට ජුලි දක්වා ඔවුන් මොස්කව් සිට කොළඹට හා ඉන්දුනීසියාවේ බාලි දක්වා ගුවන් ගමන් සිදුනොකරන බව රුසියා මාධ්‍ය වාර්තා කරයි.
රුසියානු විදේශ අමාත්‍යාංශය හා රුසියානු සංචාරක සේවාව කළ ඉල්ලීමක් අනුව ලංකාවට ගුවන් ගමන් නවතා දමා ඇති බව රුසියානු මාධ්‍ය වාර්තා කියයි.
සංචාරක කාල සීමාව අවසන්ව ඇති හෙයින් මෙම තීරණය ගත් බවද පැවසේ..
කෙසේ වෙතත් රුසියාව විසින් එරට ගුවන් සේවා වලට හෝ සංචාරකයන්ට ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම තහනම් කර නොමැත.