FAST NEWS

24×7 Around the Globe

අමෙරිකාවේ පාසලක වෙඩි තැබීමක් – එක් සිසුවෙක් මියගොස් 07කට තුවාල…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අමෙරිකාවේ කොලරාඩෝ ප්‍රාන්තයේ පාසලක සිදුවූ වෙඩි තැබීමකින් එක් සිසුවෙකු මියගොස් තවත් සිසුන් 07 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම වෙඩි තැබීම පාසලට කඩා වැදුණු තරුණයෙකු සහ වැඩිහිටි පුද්ගලයෙකු විසින් සිදුකර ඇති අතර ඔවුන් දෙදෙනාම එම පාසලේ ආදි සිසුන් බව වාර්තා වේ.
මෙම වෙඩි තැබීමට හේතුව මෙතෙක් නිශ්චිතව අනාවරණය වී නොමැති බව පොලිසිය පවසයි.
සිද්ධිය සැලවීමත් සමඟ එම ස්ථානයට පැමිණි පොලිස් නිළධාරින් සැකකරුවන් දෙදෙනා ගිනි අවිත් සමඟ අත්අඩංගුවට ගැනීමට සමත් වූ බව එරට මාධ්‍ය වාර්තා කරනවා.