FAST NEWS

24×7 Around the Globe

ලෝක කුසලානයට පවුල රැගෙන යන ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ 05 මෙන්න..

(ෆාස්ට් ගොසිප් – කොළඹ) – ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි සංචාරය සඳහා සිය පවුලේ සමාජීකයින් එක් කර ගැනිමට ක්‍රීඩකයින් 05 දෙනෙක් ඉල්ලා ඇති බවත් එ අනුව ඔවුන්ට එම අවසරය ක්‍රිකට් ආයතනයෙන් හිමිව ඇති බව ක්‍රිකට් ආයතන ආරංචි මාර්ග පවසයි.
අදාළ පවුල්වල සමාජීකයින්ට මැයි 23 වැනිදා සිට ක්‍රීඩකයින් සමග එක්විමට අවස්ථාව සැලසෙනු ඇති බවත් එම ආරංචි මාර්ග පවසයි.
ඒ අනුව ඇන්ජලේ මැතිව්ස්, සුරංග ලක්මාල්, ජීවන් මෙන්ඩිස්, ඉසුරු උදාන, මිලින්ද සිරිවර්ධන යන ක්‍රීඩයන් මෙසේ සිය පවුලේ සමාජීකයින් සහභාගි කර ගැනිමට අවසරය ඉල්ලු ක්‍රීඩකයින් වන බවත් පැවසේ.
අදාළ පවුලේ සමාජීකයින් සම්බන්ධ සියළු වියදම් ක්‍රීඩකයින් විසින් දැරිය යුතු බවට ක්‍රිකට් ආයතනය දැනුම් දී ඇති බවත් වැඩි දුරටත් කියැවේ.