FAST NEWS

24×7 Around the Globe

ස්කොට්ලන්තය සමග තරගාවලිය මාලිංගට අහිමී වෙයි..

(ෆාස්ට් ගොසිප් – කොළඹ) – ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගව ලෝක කුසලාන එක්දින ක‍්‍රිකට් තරගාවලියට පෙර ස්කොට්ලන්තය සමග පැවැත්වෙන පළමු තරග දෙක විවේක ගැන්වීමට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කළමණාකාරීත්වය තීරණය කර තිබේ.

ලසිත් මාලිංග අයි. පී. එල්. තරගාවලිය අවසන්වීමෙන් පසුව දින දහයක විවේකයක් ලබාදීමට අවධානය යොමු කළද පසුව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ඔහුට දින හයක විවේකයක් ලබාදීමට තීරණය කර තිබේ.

‘‘මාලිංග අපිට ඉන්න හොඳම වේග පන්දු යවන්නා. ඔහුට අයි. පී. එල්. තරගාවලියෙන් පසුව දින කිහිපයක විවේකයක් අවශ්‍යයි. ස්කොට්ලන්ත තරග දෙකට මාලිංග සහභාගි වෙන්නේ නැහැ. ’’ යැයි අසන්ත ද මැල් මහතා පවසයි.

කෙසේ වෙතත් ලසිත් මාලිංග ස්කොට්ලන්ත තරගාවලියට එක් නොවූවද කාඩිෆ් හී ශ‍්‍රී ලංකාව සහභාගි වන පුහුණු තරග දෙකට සහභාගි වීමට නියමිතය.

ස්කොට්ලන්තය සමග ශ‍්‍රී ලංකාව ලබන 18 වැනිදා සහ 21 වැනිදා එක්දින තරග දෙකකට සහභාගි වේ.

ලබන මස 1 වැනිදා ශ‍්‍රී ලංකාව ලෝක කුසලාන සමාරම්භක තරගයට නවසීලන්තය සමගින් සහභාගි වන අතර ඊට පෙර දකුණු අප‍්‍රිකාව සහ ඔස්ටේ‍්‍රලියාව සමගද පුහුණු තරග දෙකකට සහභාගි වීමට නියමිතව තිබේ.