FAST NEWS

24×7 Around the Globe

චෙන්නායි පරදා මුම්බායි අවසන් සටනට යයි..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – 2019 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ඊයේ (07) සමත්විය.
ඒ අනුව චෙන්නායිහිදී පැවති අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීමේ පළමු තරගයේදී චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට එරෙහිව කඩුලු 07 ක ජයක් හිමිකර ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් විය.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් චෙන්නායි කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 04 ක් දැවී ලකුණු 131 ක් රැස් කළේය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කල මුම්බායි කණ්ඩායම පන්දුවාර 18 යි පන්දු 03 කදි කඩුලු 04 ක් පමණක් දැවි සිය ජයග්‍රාහි ඉලක්කය වාර්තා කළේය.