FAST NEWS

24×7 Around the Globe

එංගලන්තයට බලා පිටිත්විමට පෙර මැතිව්ස්ගෙන් කණ්ඩායම ගැන තක්සේරුවක්..

(ෆාස්ට් ගොසිප්) –  මෙ වන විට සිටින්නේ හොඳම කණ්ඩායම කියලා විශ්වාස කරන බව ශ්‍රී ලංකා හිටපු නායක ලෝක කුසලාන සංචිත නායක ඇන්ජලෝ මැතිව්ස් මාධ්‍ය වෙත සඳහන් කළේය.
ලෝක කුසලාන තරගාවලියට සහභාගි විම සඳහා එංගලන්තය බලා පිටත්ව යෑමට පෙර අද (07) පෙරවරුවේ මාධ්‍ය හමුවේ මෙ බව සඳහන් කළේය.
“මම කීපවතාවක් එංගලන්තයේදි ක්‍රීඩා කරලා තියෙනවා ,එ අත්දැකිම් ක්‍රීඩා කරලා නැති අයත් එක්ක එංගලන්තයේදි බෙදා ගන්න මම බලාපොරොත්තු වෙනවා. ජේෂ්ඨ ක්‍රීඩකයෙක් වුනාම වගකිමක් තියනවා, අපේ ජේෂ්ඨ කමත් එක්කම එනවා මෙ අපි පළවෙනි අවුරුද්දේ දෙකෙදි ක්‍රීඩා කරපු විදියට ක්‍රීඩා කරන්න බැහැ, මෙ අවස්ථාවේදි එ පීඩනය විඳ දරා ගන්න පුලුවන් වෙන්න ඔන ක්‍රීඩකයෙක් විදියට.
මගේ එ අත්දැකිම් අනිත් හැමොම එක්කම බෙදා ගන්න බලාපොරොත්තු වෙනවා, එ හැම තරගයෙන් තරගය හොඳින් ක්‍රීඩා කරන්න තමා බලපොරොත්තුව අපේ කණ්ඩායමක් විදියට ඉදිරියට එකට ක්‍රීඩා කරලා ජයග්‍රහණය අත්පත් කර ගන්න තමා බලාපොරොත්තුව. අපේ ඉතාමත් හොඳ කණ්ඩායමක් ඉන්නවා මන් හිතන් ඉන්නේ දැන් අපිට ඉන්නේ හොඳම කණ්ඩායම කියලා විශ්වාස කරනවා “