FAST NEWS

24×7 Around the Globe

කිරුළ හිමි හත්වැනි කුමරු මෙලොව එළිය දකී…

 (ෆාස්ට් නිව්ස් | කොළඹ) – බ්‍රිතාන්‍ය රජ පවුලේ සසෙක්ස් ආදිපාදවරිය වන මේගන් මර්කල් කුමරිය කුළුදුල් පුත්‍රයෙකු බිහිකළ බව සසෙක්ස් ආදිපාදවරයා වන හැරී කුමරු ඊයේ (06) දිනයේ නිල වශයෙන් මාධ්‍යට දැනුම්දෙනු ලැබුවේය.
මේගන් මාකල් කුමරිය සහ පුත් කුමරු යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බවත් හැරි කුමරු නිවේදනය කරනු ලැබුවා.
එක්සත් රාජධානියේ රජකමට හිමිකම් කිව හැකි කුමර කුමරියන්ගේ ලැයිස්තුවේ හත්වැනි ස්ථානය අලුත උපන් කුමරුට හිමිවෙයි.
අලුත උපන් කුමරාගේ බර රාත්තල් 07 යි අවුන්ස 03 ක් බව බකිංහැම් මාලිගය තහවුරු කරන අතර , කුමරුගේ ඉපදීමත් සමග
තමන් ඉතාමත් ප්‍රීතියෙන් සිටින බවත් , තමන් සමඟ සිටින ජනතාවට උපහාරය පුදකරන බවත් හැරී ප්‍රකාශ කළේය.
රාජකීය පවුලට එක්වන අලුත්ම කුමරා හට මෙතෙක් නම් තැබීම සිදුකර නැහැ.