FAST NEWS

24×7 Around the Globe

සංචාරක ව්‍යාපාරය යළි නඟා සිටුවීමට අදාළ සහන පිළිබඳ යෝජනා කිහිපයක් අද (07) කැබිනට් මණ්ඩලයට..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) –  ත‍්‍රස්ත ප‍්‍රහාරයත් සමග පසුබෑමට ලක්වූ මෙරට සංචාරක ව්‍යාපාරය යළි නඟා සිටුවීමට අදාළ සහන පිළිබඳ යෝජනා කිහිපයක් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි අද (07) පැවැත්වෙන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව මුදල් අමාත්‍යාංශය පවසයි.
ජනාධිපතිවරයා හා වාණිජ මණ්ඩල සාමාජිකයන් අතර හමුවක් ඊයේ (06) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණු අතර එහිදී මුදල් අමාත්‍යාංශ නියෝජිතයන් මේ බව පෙන්වා දී තිබේ.
මෙහිදී අදහස් දැක් වූ වාණිජ මණ්ඩල සාමාජිකයන් සහ සංචාරක ක්ෂේත‍්‍රයේ ව්‍යාපාරික ප‍්‍රජාව පෙන්වා දී ඇත්තේ මෙරට ආරක්ෂක අංශ කෙරහි පුර්ණ විශ්වාසය තබමින් තම ව්‍යාපාර කටයුතු ශක්තිමත්ව ඉදිරියට ගෙනයාමට සූදානම් බව සඳහන් කර ඇති බව මුදල් අමාත්‍යාංශ පවසයි.